කෝටි 200ක හෙරෝයින් විනාශ කරයි
තොඩුවාවේදී 2020 වසරේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 200කට ආසන්න වටිනාකමක් ඇති නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 99යි ග්‍රෑම් 478ක් පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්තේ පිහිටි දහන උදුනේ දමා පුලුස්සා විනාශ කිරීමට පෙරේදා (25) පියවර ගත්තේය.
මාරවිල මහේස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා ඉදිරියේ මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කෙරිණි. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව සහිතව ලැක්ටෝවත්තට රැගෙන විත් නැවත ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව උදුනට දමා පුලුස්සා විනාශ කරනු ලැබීය.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ද අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ද නිලධාරීන් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර විනාශ කිරීම් සිදුවූයේ එම නිලධාරීන්ගේ අධික්ෂණයෙනි.
මෙම මත්කුඩු තොගය සමඟ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මියගොස් ඇති අතර සිව් දෙනෙක් නීතිපතිවරයා විසින් සාක්ෂි නොමැතිකම හේතුවෙන් නිදහස් කර ඇත.
තවත් සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පවත්වා ඇති අතර ඔවුන් අධිකරණය මඟින් මුදාහැර ඇති බව සඳහන්ය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
