Latestදේශීය

කෝටි 200ක හෙරෝයින් විනාශ කරයි

තොඩු­වා­වේදී 2020 වසරේ කළ වැට­ලී­ම­කදී අත්අ­ඩං­ගු­වට ගත් රුපි­යල් කෝටි 200කට ආසන්න වටි­නා­ක­මක් ඇති නඩු කට­යුතු අව­සන් වූ හෙරො­යින් කිලෝ 99යි ග්‍රෑම් 478ක් පුත්ත­ලම වනා­ත­වි­ල්ලුව ලැක්ටො­වත්තේ පිහිටි දහන උදුනේ දමා පුලුස්සා විනාශ කිරී­මට පෙරේදා (25) පිය­වර ගත්තේය.

මාර­විල මහේ­ස්ත්‍රාත් ගිහාන් බස්නා­යක මහතා ඉදි­රියේ මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කෙරිණි. මාර­විල මහේ­ස්ත්‍ර‍ාත් අධි­ක­ර­ණයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් විශේෂ කාර්ය බළ­කායේ දැඩි ආර­ක්ෂාව සහි­තව ලැක්ටෝ­ව­ත්තට රැගෙන විත් නැවත ඒවා පරීක්ෂා කිරී­මෙන් අන­තු­රුව උදු­නට දමා පුලුස්සා විනාශ කරනු ලැබීය.

රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ ද අන්ත­රා­ය­කර ඖෂධ පාලක මණ්ඩ­ලයේ ද නිල­ධා­රීන් මෙම අව­ස්ථා­වට පැමිණ සිටි අතර විනාශ කිරීම් සිදු­වූයේ එම නිල­ධා­රීන්ගේ අධි­ක්ෂ­ණ­යෙනි.

මෙම මත්කුඩු තොගය සමඟ අත්අ­ඩං­ගු­වට ගත් ප්‍රධාන සැක­කරු මිය­ගොස් ඇති අතර සිව් දෙනෙක් නීති­ප­ති­ව­රයා විසින් සාක්ෂි නොමැ­ති­කම හේතු­වෙන් නිද­හස් කර ඇත.

තවත් සැක­ක­රු­වන් 06 දෙනෙ­කුට එරෙ­හිව නඩු විභා­ගය පවත්වා ඇති අතර ඔවුන් අධි­ක­ර­ණය මඟින් මුදා­හැර ඇති බව සඳ­හන්ය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *