යෝෂිතට කරන්නාගොඩට අධිචෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
2006 සැප්තැම්බර් 01 වනදා සිට 2007 ජූනි 08 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ මහතා විසින්, යෝෂිත රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal Navy Young Officers Course පාඨමාලාව සඳහා සහභාගී වීමට අයුතු ලෙස අවස්ථාව සලසා දී රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත.
එම ක්‍රියාව හරහා අයුතු ලාභයක් ලබාගත් බවට යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිවද චෝදනා ඉදිරිපත් කර තිබේ.
අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා 08ක් ඉදිරිපත් කර ඇති අතර, අදාළ අධිචෝදනා පත්‍ර මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.
ඉදිරියේදී එම චෝදනා භාරදීම සඳහා විත්තිකරුවන් වෙත අධිකරණය මඟින් සිතාසි නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

