පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයගේ ඉල්ලීමට අදාල නියෝගය සැප් 22
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම ඊයේ (03) අවසන් කර තිබේ.
ඒ අනුව, එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද, නැද්ද යන නියෝගය සැප්තැම්බර් මස 22 වැනිදා ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත.
මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම්, ඒවා මේ මස 31 වැනිදාට පෙර ගොනු කරන ලෙසද විනිසුරු මඩුල්ල පැමිණිලි කරුවන්ට සහ වගඋත්තර කරුවන්ට නියම කර තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

