Latestදේශීය

දොඩංගොඩ ගැලණිගම අතර අධිවේගී රිය අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර රිය අනතුරක් සිදුව තිබේ.

මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 10කට වැඩි පිරිසක් රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්ථා වන අතර පාසල් ළමුන් කිහිප දෙනෙකුද ඒ අතර සිටින බව වාර්තා වේ.

පාසල් දරුවන් රැගෙන යමින් තිබූ බස් රථයක් සහ කැබ් රථයක් ගැටී ඇති අතර ඒත් සමගම පසුපසින් පැමිණි තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

බස් රථ දෙකක්, මෝටර් රථ 6ක් ඇතුළු වාහන කිහිපයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරින් පසු ගාල්ල සිට කොළඹ දක්වා ගමන් ගන්නා වාහන දොඩම්ගොඩ පිටවීමේ දොරටුවෙන් හරවා යැවීමට පොලීසිය කටයුතු කර තිබේ.

අනතුරත් සමග මාර්ගය අවහිර වීමෙන් මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *