Latestදේශීය

මවට අවසන් ගෞරවය දැක්වීමට යන්න බැහැ – බැකෝ සමන් කියයි

වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් නැමැත්තා සිය මවට අවසන් ගෞරව දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඔහුගේ මව ඉකුත් 12 වනදා රාත්‍රියේ මිද්දෙණියේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩිතබා ඝාතනය කළේය.

කරන්දෙණියේ සුද්දා විසින් අදාළ ඝාතනය මෙහෙයවා තිබූ බවට සැකකෙරන අතර ගණේමුල්ලේ සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස එය සිදුකර ඇති බවත් වාර්තා විය.

එවන් පසුබිමක බන්ධනාගාර නිලධාරීන් වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් නැමැත්තා සිය මවගේ ඝාතනය පිළිබඳව දැනුම්වත් කර තිබුණි.

එහිදී ඔහු ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසෙයි.

බැකෝ සමන් නැමැත්තාගේ සුවදුක් විමසීමට ඔහුගේ මවට බන්ධනාගාරයට නොයන ලෙසට සුද්දා විසින් තර්ජනය කර තිබුණද එය නොසලකා හැර බැකෝ සමන්ගේ සුවදුක් විමසීමට ඇය බන්ධනාගාරයට යෑම මෙම ඝාතනයට තවත් හේතුවක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *