ඉරානය අවතක්සේරු කළ බුද්ධි තොරතුරු වලින් ට්‍රම්ප් නොමග ගිහින්

ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබූ බුද්ධි තොරතුරු අසාර්ථක වීමෙන් අමෙරිකාව අවතක්සේරුවකින් යුතුව කටයුතු කළ බව ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ. ඉරානය සම්බන්ධව අවතක්සේරුවට ලක් කිරීම හේතුවෙන් අමෙරිකාවට මෙතෙක් සිය යුද මෙහෙයුම් සාර්ථක කරගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ අමෙරිකානු ජනාධිපතිවරයා වඩාත් අවතක්සේරුවකින් යුතුව කටයුතු කර ඇතැයි ද ඉරාන විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරාන පාලනය යටතේ පවතින බව එරට ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක හමුදාව තවදුරටත් තහවුරු කර ඇති අතර, බුද්ධි තොරතුරු අසාර්ථක වීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධව අවතක්සේරුවට ලක් කිරීම තුළින් අමෙරිකාවට මෙතෙක් සිය ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි ද ඉරාන විදේශ ඇමැතිවරයා එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර තිබේ. ව්‍යාජ පුවත්වලට වඩා භයානක වන්නේ ව්‍යාජ බුද්ධි තොරතුරු බව අබ්බාස් අරග්චි එහි සඳහන් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

