Latestදේශීය

ශිරාන් බාසික් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්ණ කරන්න අවසර

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී ඇති “ශිරාන් බාසික්” නමැත්තාට පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ (14) රාත්‍රී 8.48ට Air Arabia ගුවන් සේවයේ 3L708 දරන ගුවන් යානයෙන් අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහු රැගෙන විත් තිබේ.

පසුගිය මැයි 26 වැනිදා ඩුබායි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස පෙනී සිටිමින් සැඟව සිටියදී බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සැපයුම් සිදුකරන මහා පරිමාණ ජාවාරම්කරුවන් පස්දෙනා අතර ප්‍රධාන පුද්ගලයෙකු ලෙස ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ සෘජු සබඳතා පවත්වාගෙන ගොස් ඇති බවටද ඔහුට චෝදනා එල්ල වී තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

එහිදී මෙරට මුහුදුබඩ ප්‍රදේශවල ජීවත්වන දුප්පත් ජනතාවගෙන් ඉඩම් ලබාගෙන, ඔවුන්ගේ නම්වලින් විශාල හෝටල් ඉදිකරමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටද තොරතුරු සඳහන් වේ.

ඉරාන මත්ද්‍රව්‍ය ජාලය සමඟ පැවති සබඳතා හේතුවෙන් එක්සත් ජනපදයටද අවශ්‍ය පුද්ගලයෙකු බවට ඔහු සම්බන්ධයෙන් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා රජය මෙන්ම එක්සත් ජනපදයද ඔහුව ලබාදෙන ලෙස ජාත්‍යන්තර මට්ටමින් ඉල්ලීම් කර තිබූ බව මීට පෙර වාර්තා විය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *