හිරුණිකාගේ නඩුව නොවැම්බර් 02
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 02 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.
2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මාර්ග අවහිර කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇති අතර එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් කර, නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවය.
ඒ අනුව නඩුව නොවැම්බර් 02 වැනිදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

