Latestදේශීය

පිල්ලෙයාන්ට අධිචෝදනා

නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප­කු­ල­පති මහා­චාර්ය සුබ්‍ර­ම­නි­යම් රවී­න්ද්‍ර­නාත් මහතා පැහැ­ර­ගෙන ගොස් විවිධ වධ­හිංසා පමු­ණුවා මරා දැමීමේ සිද්ධි­යට අදා­ළව, නැඟෙ­න­හිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිව­නේ­ස­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන් හෙවත් පිල්ලෙ­යාන් ඇතුළු විත්ති­ක­රු­වන් සිව්දෙ­න­කුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණය හමුවේ වෙන් වෙන් වශ­යෙන් ඊයේ (17) අධි­චෝ­දනා ගොනු කරනු ලැබීය. මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­රයා විසින් අධි­චෝ­දනා ගොනු කළ අනෙ­කුත් විත්ති­ක­රු­වන් වන්නේ කදීර් තම්බ­යියා, තංග­වේලු කදි­ර­යාර් සහ නාග­රාසා රත්නම් යන තිදෙ­නාය.

2006 වසරේ දෙසැ­ම්බර් මස 15 වන දින හෝ ඊට ආසන්න දින­ය­කදී විත්ති­ක­රු­වන් නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ එව­කට හිටපු උප­කු­ල­පති මහා­චාර්ය සුබ්‍ර­ම­නි­යම් රවී­න්ද්‍ර­නාත් මහතා පැහැ­ර­ගෙන ගොස් විවිධ වද­හිංසා පමු­ණුවා මරා දැමූ බවට නීති­ප­ති­ව­රයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍ර­හයේ 300 වග­න්තිය මඟින් කියැ­වෙන මනුෂ්‍ය ඝාත­න­යක් සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මෙම විත්ති­ක­රු­වන්ට එරෙ­හිව පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණය හමුවේ මෙලෙස අධි­චෝ­දනා ගොනු කෙරිණි.

විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණය හමුවේ වෙන් වෙන් වශ­යෙන් ගොනු කොට ඇති අධි­චෝ­දනා පොලො­න්න­රුව මහා­ධි­ක­රණ විනි­සුරු දුලානි වීර­තුංග මෙණෙ­විය විසින් සලකා බලා, ඉදිරි දින­ය­කදී විත්ති­ක­රු­වන්ට අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර­මින් සිතාසි නිකුත් කොට, ඔවුන් මහා­ධි­ක­ර­ණ­යට කැඳවා පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණයේ රජයේ අධි­නී­තිඥ අනු­රාධ විජේ­සු­රේන්ද්‍ර මහතා මඟින් අදාළ අධි­චෝ­දනා කියවා භාර දීමට නිය­මි­තය.

නීති­ප­ති­ව­රයා විසින් මෙම විත්ති­ක­රු­වන්ට එරෙ­හිව පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණය හමුවේ අධි­චෝ­දනා ගොනු කළේ, නැඟෙ­න­හිර විශ්ව­වි­ද්‍යා­ලයේ එව­කට හිටපු උප­කු­ල­පති මහා­චාර්ය සුබ්‍ර­ම­නි­යම් රවී­න්ද්‍ර­නාත් මහතා පැහැ­ර­ගෙන ගොස් විවිධ වද­හිංසා පමු­ණුවා මරා දැමීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිදු කළ විම­ර්ශ­න­වල උද්ධෘත අධ්‍ය­ය­නය කිරී­මෙන් අන­තු­රුව එම උද්ධෘත සැල­කි­ල්ලට ගනි­මිනි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *