Latestදේශීය

දැරිවියකට ලිංගික අතවර කළ පොහොට්ටු සංවිධායකයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 14ක බාල වයස්කාර තරුණියකට බරපතල ලිංගික අතරව කිරීම සම්බන්ධයෙන් නිකවැරයිට උතුරු කොට්ඨාසයේ පොහොට්ටු පක්ෂයේ සංවිධායකයෙකු මෙන්ම පසුගිය පළාත්පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකුද වූ සුවහස් නිසල නැමැත්තා නිකවැරටිය පොලිස්ථානය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරතිබේ.

එම බාලවයස්කාර තරුණියගේ මව් පියන් අතර ඇතිව තිබී ඇති විරසකයක් මත ඇය තම ඥාති නිවසකට ගොස් සිටියදී මෙම තරුණයා ඇයට ආරක්ෂා සහිත ස්ථානයක් ලබා දෙන බව පවසා ඔහුගේ නිවසට රැගෙනගොස් තරුණිය දූෂණය කර තිබේ.

පසුව තරුණිය මේ සම්බන්ධයෙන් ඇයගේ මවට පැවසීමෙන් පසු ඔවුන් මෙම අපරාධය ගැන නිකවැරටිය පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිසිය බාල වයස්කාර තරුණිය රෝහල් ගත කර තිබේ. රොහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය සියලු තොරතුරු අනාවරණය කර ඇත.

ඉන් පසු සැකකාරු නිකවැරයිට උතුරු කොට්ඨාසයේ පොහොට්ටු පක්ෂයේ සංවිධායකයෙකු මෙන්ම පසුගිය පළාත්පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකුද වූ සුවහස් නිසල නැමැත්තා නීතියේ රැහැනට කොටු කරගෙන අධිකරණයට ඉදිරිපත් කර මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *