Latestදේශීය

ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය අද

2026 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (23) රාත්‍රියේ මහනුවර වීදි සංචාරය කිරීමට නියමිතය.

අගෝස්තු 18 සිට 22 දක්වා පැවැති කුඹල් පෙරහරින් අනතුරුව රන්දෝලි පෙරහර මංගල්‍යය අදින් ආරම්භ වේ. ශ්‍රී දළදා මාලිගාවේ නිල කාලසටහනට අනුව පළමු රන්දෝලි පෙරහර අද පස්වරු 6.44ට ආරම්භ කිරීමට නියමිතය.
රන්දෝලි පෙරහර මංගල්‍යය අගෝස්තු 23 සිට 27 දක්වා පැවැත්වෙන අතර, අවසන් මහා රන්දෝලි පෙරහර අගෝස්තු 27 වනදා පැවැත්වීමට නියමිතය.
අනතුරුව අගෝස්තු 28 වනදා දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු දහවල් පෙරහර පැවැත්වීමෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *