Latestක්‍රීඩාවිදේශීය

සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කරයි

හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප්හි මඩන්සේන් ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවය.

ඔහු සිය මෝටර් රථයේ අසුනගෙන ගේට්ටුව විවෘත වන තෙක් බලා සිටි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.

වෙඩික්කරුවන් විසින් ඔහු සමඟ සිටි කාන්තාව ඉලක්ක කර කිහිප වතාවක් වෙඩි තබා ඇති අතර තුවාල ලැබූ ඇය මේ වනවිට රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *