Latestදේශීය

යළි කිසිදිනෙක පක්ෂ දේශපාලනය කරන්නේ නැහැ – ඉමිතියාස් බාකිර් මාකර්

යළි කිසි දින පක්ෂ දේශ­පා­ල­නය නොක­රන බව සමගි ජන බල­වේ­ගයේ හිටපු සභා­පති, හිටපු ඇමැති ඉමි­ටි­යාස් බාකීර් මාකර් මහතා පව­සයි.

ගත් තීර­ණය යළි කිසි දින ආපසු නොහ­ර­වන බවද ඒ මහතා කීය.

ඉමි­ටි­යාස් බාකීර් මහතා එසේ පැව­සුවේ ඒ මහතා විසින් රචිත හෘද සාක්ෂිය හා සුපිරි බල­යෙන් පාගා දැමෙන උපන් බිමේ උරු­මය ‘පල­ස්තී­නය’ නමැති ග්‍රන්ථ මල්වතු අස්ගිරි උභය මහා විහා­රීය මහා­නා­යක ස්වාමි­න්ද්‍ර­යන් වහන්සේ දෙනම වෙත පිරි­නැ­මීම සඳහා මහ­නු­ව­රට පැමිණි අව­ස්ථාවේ මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධුර­යෙන් ඉවත් වූ අව­ස්ථාවේ සජිත් ප්‍රේම­දාස මහතා යළි පැමිණ සභා­පති ධුරය භාර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් තමන් ඉන් ඉවත් වූයේ යළි පක්ෂ දේශ­පා­ල­නය කිරීමේ අද­හ­සින් නොවන බවත් ඒ මහතා පැව­සු­වේය. අධි­ක­ර­ණය හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍ර­යක් සම්බ­න්ධව තීන්දු තීරණ ගැනී­මේදී සියලු දෙනාගේ අද­හස් විම­සීම මඟින් මතු­වන ගැටලු අවම කර­ගැ­නී­මට හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ මොහොතේ රටට අවශ්‍ය ජාතීන් අතර පවත්නා අස­මා­න­කම් ආයු­ධ­යක්කර ­ග­නි­මින් ඒ තුළින් බල­යට ඒමට උත්සාහ කරන නාය­ක­යන් නොව ජාති, ආගම් හා පක්ෂ භේද­යෙන් තොරව සියලු ජාතීන් එකතු කළ හැකි නාය­ක­යන් බවද ඒ මහතා පැව­සු­වේය.

පව­තින තත්ත්වය තුළ තමන් යළි කිසි දින දේශ­පා­ල­න­යට නොඒ­මට තීර­ණය කර තිබෙන නමුත් රටේ අභි­වෘ­ද්ධිය උදෙසා තම­න්ගෙන් ඉටු­විය යුතු සේවය ඒ ආකා­ර­යෙන්ම ලබා­දෙන බවත් ඒ මහතා කීය.

පක්ෂ, පාට හා පටු දේශ­පා­ලන වාසි සඳහා වාද කර­මින් නොසිට ජන­තා­වගේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අයි­ති­වා­සි­කම් ආරක්ෂා කර­මින් ජන­තා­වට යහ­පත් හෙට දව­සක් උදා­කර දීම පිණිස සියලු දෙනා එකට එක්ව ක්‍රියා කරනු දැකීම තම අපේ­ක්ෂාව යැයිද බාකීර් මාකර් මහතා පැව­සු­වේය. ජාති, ආගම්, කුල හා පන්ති භේද මුල්කර ගනි­මින් දශක පහක් පුරා රණ්ඩු කිරීමේ ප්‍රති­ඵල ලෙස ප්‍රච­ණ්ඩ­ත්වය සමා­ජ­ග­තව තිබෙන බවත් සියලු දෙනා එකට එකතු වී ගම­නක් යා යුතු කාලය දැන් එළඹ තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *