Latestදේශීය

22 වැනි සංශෝධනයට එරෙහිව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිදුකළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි.

නියෝගය ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුකරන බවය.

මෙම පෙත්සම් අද (01) විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා මෙම ඉල්ලීම සිදු කළේය.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *