ශිරන්ති රාජපක්ෂ සහ සිරිලිය සවිය පිළිබද තොරතුරු රැසක් අනාවරණය වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යනු ලබන බවට ප්‍රසිද්ධ සිරිලිය සව්ය සංවිධානය විසින් මෙරට පිලිකා රෝගීන්ට ප්‍රතිකාර කරණු ලබන අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන යන්ත්‍රයක් ලබාදීමට බව පවසමින් රුපියල් මිලියන ගණනින් මුදල් එක්රැස් කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
සිරිලියසවිය සංවිධානය විසින් පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමේ ව්‍යාපෘතියට බව පවසා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් මුදල් ආධාර ඉල්ලා ඇති අතර ඒ සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවද රුපියල් ම්ලියනයක් ලබා දී ඇති බවද අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිව සිටි ප්‍රදීප් කාරියවසම්ගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මහරගම අපේක්ෂා රෝහලට එම පෙට් ස්කෑන් යන්ත්‍රය ලැබී ඇත්තේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙසය.
පරිත්‍යාගයක් ලෙස ලැබුණු පෙට් ස්කෑන් යන්ත්‍රයට මුදල් එකතු කිරීම හරහා වංචාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් සිදු කරන බව වැඩිදුරටත් වාර්තා වේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

