Latestවිදේශීය

ඉන්දු­නී­සි­යාවේ අනාක් ක්‍රැක­ටෝවා ගිනි­කන්ද අහසට විහිදෙයි

ඉන්දු­නී­සි­යාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටි අනාක් ක්‍රැක­ටෝවා ගිනි­කන්ද පුපුරා යෑමෙන් නිකුත් වූ අළු සහිත දුමා­රය හේතු­වෙන් ජකර්තා නුවර ප්‍රධා­න­තම සුකර්නෝ හත්තා ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොල ඇතු­ළුව ගුව­න්තො­ටු­පොළ 8ක මෙහෙ­යුම් අත්හි­ටු­වී­මට සිදුවී ඇතැයි එරට අන්ටාරා පුවත් සේවය වාර්තා කළේය. පසු­ගිය සිකු­රාදා සිට පුපුරා ගිය අනාක් ක්‍රැක­ටෝවා ගිනි­ක­න්දෙන් අඩි පන­ස්ද­හ­සක් ඉහළ අහ­සට අළු විසි­රි­මෙන් ගුවන් ගමන් වාර දෙද­හ­ස­කට ආසන්න ප්‍රමා­ණ­යක් අව­ලංගු කළ බව එරට ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇති අතර, ගුවන් මගීන් 2,70,000ක් සිරවී සිටින බව වාර්තා වේ.

ඊයේ උදෑ­සන දක්වා බලා­ත්මක කළ ගුවන් මෙහෙ­යුම් අත්හි­ටු­වීම අළු දුමා­රය තව­දු­ර­ටත් පැති­රීම හේතු­වෙන් නැවත දීර්ඝ කිරී­මට සිදුවී ඇතැයි අන්ටාරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ගිනි­කන්ද පිපි­රී­මෙන් ජීවිත හානි හෝ තුවාල ලැබීම් වාර්තා වී නැති අතර, ප්‍රදේ­ශ­වා­සීන් ඉවත් කිරී­මට ද මෙතෙක් නියෝග නිකුත් කර නොමැති බව වාර්තා වේ. කෙසේ වුවත් ආර­ක්ෂක පිය­ව­රක් ලෙස ජාවා සහ සුමාත්‍රාහි පාසල් වසා දැමී­මට උප­දෙස් දී ඇති අතර, ධීවර කට­යුතු තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට ද බල­ධා­රින් පිය­වර ගෙන තිබේ.

ගිනි­කන්ද සක්‍රිය වීම හේතු­වෙන් ඊට කිලෝ­මී­ටර් 150ක් දුරින් පිහිටි ජකර්තා අග­නු­වර ඇතුළු පළාත් රැසක සංචා­රක ව්‍යාපා­ර­ය­ටත් දැඩි බල­පෑම් එල්ල වී තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *