Latestවිදේශීය

මියාමි ගුවන් අන­තු­රින් 5දෙනෙක් මියයති

අමෙ­රි­කාවේ මියාමි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළේදී භාණ්ඩ ප්‍රවා­හන ගුව­න්යා­න­යක් ධාවන පථ­යෙන් ලිස්සා ගොස් අසල මාර්ග­යක ධාව­නය වූ මෝටර් රථ කිහි­ප­යක ගැටී­මෙන් පුද්ග­ල­යන් 5 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව මියාමි හැරල්ඩ් පුවත් සේවය වාර්තා කළේය.

එදින දකුණු අමෙ­රි­කාවේ පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් නුවර සිට ගමන් ආරම්භ කර ඇති ඇම­සන් සමා­ග­මට අයත් එම ගුව­න්යා­නය ධාවන පථයේ ආර­ක්ෂිත කම්බි වැට ද කඩා­ගෙන ගොස් අන­තු­රට ලක්වී­මෙන් තවත් පුද්ග­ල­යන් 5 දෙනකු තුවාල ලබා ඇති අතර, ඉන් තිදෙ­න­කුගේ තත්ත්වය බර­ප­තළ බව වාර්තා වේ.

ෆෙඩ­රල් ගුවන් සේවා පරි­පා­ල­නය ප්‍රකාශ කර ඇත්තේ එදින පස්ව­රුවේ යානය ගුව­න්තො­ටු­පො­ළට ගොඩ බැස්වී­මේදී එම අන­තුර සිදුවී ඇති බවය. අන­තුර හේතු­වෙන් ගුව­න්තො­ටු­පොළේ සියලු ගුවන් ගමන් අත්හි­ටු­වී­මට බල­ධා­රීන් පිය­වර ගෙන තිබේ. ගුව­න්යා­නය ගැටී­මෙන් මෝටර් රථ තැළී පොඩිවී ඇති අතර, එතුළ සිර­වූ­වන් මුදා ගැනී­මට ගිනි­නි­වන හමු­දා­වට සහ මුදා ගැනීමේ කණ්ඩා­ය­ම්ව­ලට දැඩි උත්සා­හ­යක් ගැනී­මට සිදුවූ බව මියාමි හැරල්ඩ් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අන­තු­රෙන් පසු මියාමි ගුව­න්තො­ටු­පො­ළට සේන්දු­වී­මට සහ පිට­ත්වී­මට නිය­මි­තව තිබූ ගුව­න්යානා රැසක් ප්‍රමාද වී ඇති අතර, තවත් ගුවන් ගමන් 82ක් අව­ලංගු කිරී­මට සිදුවූ බව ද වාර්තා වේ. ෆෙඩ­රල් ගුවන් සේවා පරි­පා­ල­නය මඟින් අන­තුර සම්බ­න්ධව පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇතැයි මියාමි හැරල්ඩ් පුවත් සේවය සඳ­හන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *