Latestදේශීය

සිව­රාසා බේරාගැනීමේ මැදිහත්වීම් කඩිනම් කළ යුතුයි – ෆයිසර් මුස්තාපා

සවුදි අරා­බි­යේදී බර­ප­තළ නීති­මය ක්‍රියා­මා­ර්ග­ය­කට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරු­ණ­යකු වන සිව­රාසා අනෝ­ජන්ගේ ජීවි­තය බේරා­ගැ­නීම සඳහා රාජ්‍ය­තා­න්ත්‍රික මට්ට­මින් මෙන්ම නීති­මය වශ­යෙන් කඩි­නම් සහ ප්‍රබල මැදි­හ­ත්වී­මක් සිදු­කළ යුතු බව පාර්ලි­මේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පව­සයි.

රටක ස්වෛරී­භා­ව­යට හා නීති­යට ගරු කළ යුතු බවත් තම පුර­වැ­සි­යකු වෙනු­වෙන් කළ හැකි උප­රිම නීති­මය හා මානු­ෂීය පිය­වර ගැනීම මේ මොහොතේ ප්‍රමු­ඛ­තාව විය යුතු බව ඒ මහතා අව­ධා­ර­ණය කරයි.

සවුදි අරා­බියේ සේවය කර­මින් සිටි­යදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ බව කියන ප්‍රකා­ශ­යක් මුල් කර­ග­නි­මින් අත්අ­ඩං­ගු­වට පත්වී­මෙන් පසුව මරණ දඬු­වම නිය­මව ඇති අනෝ­ජන් නම් තරු­ණයා සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් පාර්ලි­මේන්තු මන්ත්‍රී ෆයි­සර් මුස්තාපා මහතා මේ බව පව­සයි.

ශ්‍රී ලංකාව හා සවුදි අරා­බිය අතර පව­තින දීර්ඝ­කා­ලීන රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා සහ මිත්‍ර­ත්වය උප­යෝගී කර­ග­නි­මින්, ඉහ­ළම රාජ්‍ය මට්ට­මින් සාකච්ඡා මාර්ග­යට පිවි­සීම තුළින් මෙම තරු­ණ­යාගේ ජීවි­තය රැක­ගැ­නී­මට ඉඩ­කඩ පව­තින බවත්, රජය මෙන්ම විප­ක්ෂ­යද පක්ෂ පාට භේද­ය­කින් තොරව මේ වෙනු­වෙන් එක්ව කට­යුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *