පාස්කු ප්‍රහාරය පිළිබද තීන්දුව ප්‍රකාශයට පත්කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම්කරමින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියෝගයක් නිකුත් කළේය.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.
ඒ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
ඒ අනුව අදාළ විත්තිකරුවන් 24දෙනා අතුරින් විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇත.
අප වාර්තාකරු පැවසුවේ සෙසු විත්තිකරුවන් 09දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණු බවය.
වරදකරුවන් වූ 15දෙනා සම්බන්ධයෙන්වන දඬුවම අද (22) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

