පාස්කු නඩු තීන්දුව අද – අධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂාව
පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අද (22) දිනයේ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර තිබේ.
ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අනියුක්ත කර ඇති බව වාර්තා වෙයි.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද දිනයේ මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
අද පෙරවරුවේ අලුත්කඩේ මහාධිකරණයේදී නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම නඩුව සඳහා පැමිණිලිකරුවන් 2309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබුණි.
පසුගිය අගෝස්තු 24 වන දින සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කෙරුණු අතර නඩුවේ අවසාන තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම්දී තිබුණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

