Latestවිදේශීය

බලයක් නැති මතයක් හෙවත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥ­ප්ති­ය

(ෆවුස් මොහො­මඩ්)

එක්සත් ජාතීන්ගේ ප්‍රඥ­ප්ති­යට (UN Charter) අනුව මහා මණ්ඩ­ලයේ සම්මත වන යෝජනා නීති­මය වශ­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට රට­වල් අතර කිසිදු බැඳී­මක් නැත. එවැනි යෝජනා සම්මත වීම් සල­කනු ලබන්නේ, ගෝලීය මහ­ජන මතය සහ ජාත්‍ය­න්තර ප්‍රජාවේ බහු­තර කැමැත්ත නිරූ­ප­ණය කෙරෙන දේශ­පා­ල­නික බල­පෑම් ලෙස පමණි. මහා මණ්ඩ­ලය තුළ නිර­න්ත­ර­යෙන්ම සාක­ච්ඡා­වට ලක්වන ඊශ්‍රා­යල- පල­ස්තීන අර්බු­ද­යට මෙතෙක් ස්ථීර විස­ඳු­මක් ක්‍රියා­ත්මක කිරී­මට නොහැකි වීමට හේතුව ද එය වේ.

මේ වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි­වා­රය (UNGA) පෙර නොවූ විරූ ආකා­රයේ ජාත්‍ය­න්තර අව­ධා­න­යට ලක්වී තිබේ. ඉරාන යුද අර්බුද, මැද­පෙ­ර­දිග සැප­යුම් මාර්ග අව­හි­ර­තාව හේතු­වන් උද්ගත වූ බල­ශක්ති අර්බු­දය හා කෘත්‍රිම බුද්ධිය වේග­යෙන් සංව­ර්ධන වීම වැනි වර්ත­මා­නයේ ගෝලීය වශ­යෙන් බල­පෑ­මට ලක්වූ තත්ත්ව­යන් මෙහිදී වැඩි අව­ධා­න­යට ලක්වනු ඇත. ඊට අම­ත­රව පල­ස්තීන අර්බු­දය, යුක්රේන යුද්ධය සහ දේශ­ගු­ණික විප­ර්යාස සම්බ­න්ධ­යෙන් ද අද­හස් සහ යෝජනා ඉදි­රි­පත් වනු ඇත.

මේ වන විට අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූල­ස්ථා­න­යේදී ආරම්භ වූ 81 වැනි සැසියේ ප්‍රධා­න­තම ඉසව්ව වන රාජ්‍ය නාය­ක­යන්ගේ දේශන සහ විවා­දය ඇරඹී තිබේ. අමෙ­රි­කාව වැනි රට­වල් ඉරා­න­යට, කියු­බා­වට සහ රුසි­යා­වට පනවා ඇති ඒක­පා­ර්ශ්වික සම්බා­ධක, බල­ව­තුන්ගේ මත­වාදී ගැටුම් සහ ජාත්‍ය­න්තර නීති උල්ලං­ඝ­නය වීම් හමුවේ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යට එල්ල වී ඇති බල­පෑම් මෙහිදී යම්කිසි ආකා­රයේ පරී­ක්ෂ­ණ­ය­කට ද භාජන වනු ඇත.

තාක්ෂ­ණයේ සහ කෘත්‍රිම බුද්ධියේ සංව­ර්ධ­නය පාල­නය කිරීමේ අව­ශ්‍ය­තා­වක් ද මතු වී ඇති බැවින් යුද ගැටු­ම්ව­ලට අම­ත­රව ගෝලීය ප්‍රජාව මුහුණ පා සිටින අව­දා­නම කෙරෙහි ද මෙහිදී සාක­ච්ඡා­ව­කට ලක්වනු ඇත. ඒ අනුව මෙවර සැසිය පැවැ­ත්වෙන්නේ ගෝලීය වශ­යෙන් දේශ­පා­ල­නික, ආර්ථික සහ පාරි­ස­රි­කව පරි­ව­ර්ත­න රැසක් සිදු­වෙ­මින් පව­තින පසු­බි­ම­ක­දීය. එහෙත් මහා මණ්ඩ­ලය තුළ සම්මත වන යෝජනා සඳහා රට­ව­ලට නීති­මය බැඳී­මක් නොමැති අතර, ලෝක බල­ව­තුන්ගේ කැප­වීම මත මිස එහිදී ගන්නා තීරණ ක්‍රියා­ත්මක කිරීමේ හැකි­යාව ඉතා සීමි­තය.

සභා­පති ධුරය බංග්ලා­දේ­ශ­යට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා පත්වන්නේ ජාත්‍ය­න්තර මට්ටමේ ක්‍රම­වේ­ද­යක් සහ මහා මණ්ඩ­ලයේ ඡන්ද විම­සී­ම­කිනි. එය සිදු­වන්නේ කලාප නියෝ­ජන ක්‍රම­වේ­ද­ය­කට අනු­වය. එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය විසින් පිළි­ගනු ලැබූ ප්‍රධාන භූගෝ­ලීය කලාප 5 අතු­රින් නිය­මිත චක්‍රීය පිළි­වෙ­ළ­ක­ටය.

ඒ අනුව ආසියා – පැසි­ෆික්, අප්‍රි­කානු, ලතින් අමෙ­රි­කානු හා කැරි­බි­යන්, නැඟෙ­න­හිර යුරෝ­පීය හා බට­හිර යුරෝ­පීය වශ­යෙන් එය බෙදා වෙන් කර ඇති අතර, ඒ අනුව මෙවර සභා­පති ධුරය හිමිවී ඇත්තේ ආසියා – පැසි­ෆික් කලා­ප­යට අයත් බංග්ලා­දේ­ශ­ය­ටය. කලා­පීය එක­ඟ­තාව හා නාම­යෝ­ජනා අදාළ වසරේ සභා­ප­ති­ත්වය හිමි කලා­ප­යට අයත් සාමා­ජික රට­වල් එක්ව සුදුසු අපේ­ක්ෂ­ක­යකු හෝ කිහි­ප­දෙ­නකු තෝරා ගන්නා අතර, නව සැසිය ආර­ම්භ­යට මාස 3කට පෙර මහා මණ්ඩ­ලයේ සියලු සාමා­ජික රට­වල ඡන්ද විම­සී­ම­කින් සභා­ප­ති­ව­රයා තෝරා පත් කර ගැනේ. එසේ තෝරා ගන්නා සභා­ප­ති­ව­ර­යාගේ නිල ධුර කාලය වස­රක කාල­ය­කට සීමා­වනු ඇත. එම තෝරා­ගැ­නීම සිදු­වන්නේ සාමා­න්‍ය­යෙන් එක් සැසි­යක් සඳහා පමණි. එසේ තෝරා­ගන්නා සභා­ප­ති­ව­රයා සිය රටේ හෝ කලා­පයේ නියෝ­ජ­න­යක් ලෙස නොව, සමස්ත මහා මණ්ඩ­ල­යේම අප­ක්ෂ­පාති නාය­කයා ලෙස කට­යුතු කළ යුතුව ඇත.

පසු­ගිය 80 වැනි සැසි­වා­ර­යේදී සභා­පති ධුරය හිමි­වූයේ ලතින් අමෙ­රි­කානු හා කැරි­බි­යන් කලා­පය තුළින් නියෝ­ජ­නය වූ කැම­රූන් දේශයේ හිටපු අග­මැ­ති­ව­ර­යකු හා රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යකු වූ ෆිලෙ­මොන් යැංග්ට ය. මෙවර සභා­පති ධුර­යට පත්වූයේ බංග්ලා­දේ­ශයේ විදේශ ඇමැති කලී­ලුර් රහ්මාන් ය. වැද­ගත්ම කාර­ණාව වන්නේ, ආර­ක්ෂක කවු­න්සි­ලයේ සම්ප්‍ර­දා­යට අනුව එහි ස්ථීර සාමා­ජි­ක­යන් වන අමෙ­රි­කාව, රුසි­යාව, චීනය, බ්‍රිතා­න්‍යය හා ප්‍රංශය රට­ව­ලින් කිසිදු අව­ස්ථා­වක මහා මණ්ඩ­ලයේ සභා­පති ධුර­යට අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් නොවී­මය.

සාක­ච්ඡා­වට ලක්වන ගැටලු

පසු­ගිය 22 වැනිදා ආරම්භ වූ විවා­ද­යේදී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ සාමා­ජික රට­වල් 193ටම කිසිදු භේද­ය­කින් තොරව සැසිය ඇම­තී­මට අව­ස්ථාව හිමිවී ඇති අතර, එහිදී විවා­ද­යට ලක් වන්නේ ගෝලීය අර්බුද සම්බ­න්ධව රාජ්‍ය නාය­ක­යන්ගේ ප්‍රති­ප­ත්තීන් සහ අද­හස් දැක්වීම සම්බ­න්ධ­යෙනි. මෙවර සැසිය පැව­ත්වෙන්නේ ‘විශ්වා­සය නැවත ගොඩ­නැ­ඟීම, පරි­ව­ර්ත­නය කළ­ම­නා­ක­ර­ණය කිරීම – සැමට ප්‍රති­ඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යක්’ (Restoring trust, managing transformation: A United Nations that delivers for all) තේමාව යට­තේය. මෙවැනි තේමා­වක් මහා මණ්ඩ­ලය සැසි­වා­ර­යට භාවිත කිරී­මට හේතුවී ඇත්තේ වර්ත­මා­නයේ ගෝලීය වශ­යෙන් මතු වී ඇති විවිධ අර්බුද සැල­කි­ල්ලට ගනි­මින් බව පෙනේ.

සැබැ­වින්ම මේ වන විට ලෝක බල­ව­තුන් අතර පව­තින ගැටුම් සහ කලා­පීය නොස­න්සු­න්තාව හමුවේ බහු­පා­ර්ශ්වික රාජ්‍ය­තා­න්ත්‍රි­ක­භා­වය කෙරෙහි ඇති විශ්වා­සය බර­ප­තළ ලෙස බිඳ වැටී තිබේ. අනිත් අතට ආර­ක්ෂක කවු­න්සි­ලය ඇතුළු මහා මණ්ඩල තීරණ ගැනීමේ ක්‍රියා­ව­ලියේ අඩාළ වීම් සහ දුර්ව­ලතා සම්බ­න්ධව සැල­කිය යුතු මත­වා­ද­යක් පැති­රෙ­මින් තිබේ. එබැ­වින් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ විනි­වි­ද­භා­ව­යෙන් යුතු ප්‍රති­සං­ස්ක­ර­ණ­යක අව­ශ්‍ය­තාව මතුවී ඇත්තේ කාල­යක සිටය. කුඩා රට­වල් කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය දක්වන උදා­සී­න­භා­වය ද ගැටලුසහ­ගත බවට තොර­තුරු පළ වී තිබේ.

දේශ­ගු­ණික විප­ර්යාස හේතු­වෙන් මුහුදු මට්ටම ඉහළ යෑම වැනි තත්ත්ව­යන් හමුවේ කුඩා දූපත් රාජ්‍ය­යන් හා වෙර­ළ­බඩ කලාප මුහුණ දෙන ගැටලු සහ තර්ජ­න­ව­ලට විස­ඳුම් සෙවීමේ කඩි­නම් අව­ශ්‍ය­තා­වක් ද මේ වන විට මතු වී තිබේ. පසු­ගිය කාලයේ ශ්‍රී ලංකාව සහ ඉන්දු­නී­සි­යාව වැනි රට­වල් මුහුණපෑ ‘දිට්වා’ සුළි කුණා­ටු­වත්, නේපා­ලයේ ඇතිවූ හදිසි ගංව­තුර තත්ත්ව­යක් හේතු­වෙන් එවැනි අව­ශ්‍ය­තා­වක් තදින්ම දැනී තිබේ. එබැ­වින් මෙවර සැසි­යේදී රාජ්‍ය නායක මට්ටමේ විශේෂ සැසි­වාර සංවි­ධාන කර තිබේ.

එමෙන්ම සියලු රට­ව­ලට සාධා­ර­ණය ඉටු­වන ආකා­රයේ බල­ශක්ති පරි­ව­ර්ත­න­යක් සිදු කිරීම, කාබන් විමෝ­ච­නය අවම කිරී­මේදී සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­ව­ලට මූල්‍ය හා තාක්ෂ­ණික සහය ලබා­දීම ද කතා­බ­හට ලක්වනු ඇත. වසර 1986 දී ඇති­ක­ර­ගත් සංව­ර්ධ­නය සඳහා වන අයි­තිය පිළි­බඳ ප්‍රකා­ශ­නයේ (Declaration on the Right to Development) 40 වැනි සංව­ත්ස­රය මේ වස­රේදී සැම­රී­මත් සමඟ ගෝලීය ආර්ථි­කයේ අස­මා­න­තාව අවම කිරීම කෙරෙ­හිද ලෝක නාය­ක­යන්ගේ අව­ධා­න­යට ලක්වී තිබේ. 2023දී තිර­සර සංව­ර්ධන ඉලක්ක කරා ළඟා­වීමේ ප්‍රග­තිය මන්ද­ගාමී තත්ත්ව­යක පව­තින අතර, සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල ණය බර ලිහිල් කිරීම සහ ගෝලීය මූල්‍ය පද්ධ­තියේ වෙන­ස්කම් සිදු කිරීම සම්බ­න්ධ­යෙන් ද යෝජනා පළ­වනු ඇත. අනා­ගත හදිසි සෞඛ්‍ය අව­ස්ථා­වන් සහ වසං­ගත සඳහා ගෝලීය වශ­යෙන් සාධා­රණ ලෙස මුහුණ දීමේ ක්‍රම­වේ­ද­යන් පිළි­බඳ ඉහළ මට්ටමේ රාජ්‍ය­තා­න්ත්‍රික සම්මු­තී­න්ව­ලට මෙවර සැසි­යේදී වැඩි අව­ධා­න­යක් යොමු වී තිබේ.

යෝජනා සම්මත වීම

එක්සත් ජාතීන්ගේ ප්‍රඥ­ප්ති­යට (UN Charter) අනුව මහා මණ්ඩ­ලයේ සම්මත වන යෝජනා නීති­මය වශ­යෙන් ක්‍රියා­ත්මක කිරී­මට රට­වල් අතර කිසිදු බැඳී­මක් නැත. එවැනි යෝජනා සම්මත වීම් සල­කනු ලබන්නේ, ගෝලීය මහ­ජන මතය සහ ජාත්‍ය­න්තර ප්‍රජාවේ බහු­තර කැමැත්ත නිරූ­ප­ණය කෙරෙන දේශ­පා­ල­නික බල­පෑම් ලෙස පමණි. මහා මණ්ඩ­ලය තුළ නිර­න්ත­ර­යෙන්ම සාක­ච්ඡා­වට ලක්වන ඊශ්‍රා­යල- පල­ස්තීන අර්බු­ද­යට මෙතෙක් ස්ථීර විස­ඳු­මක් ක්‍රියා­ත්මක කිරී­මට නොහැකි වීමට හේතුව ද එය වේ.

ඊශ්‍රා­ය­ල­යට සහ පල­ස්තී­න­යට වෙනම රාජ්‍ය­යන් ස්ථාපිත කිරීමේ ද්විරාජ්‍ය සංක­ල්පය හොඳම නිද­සු­නකි. එම සංක­ල්පය දිගින් දිග­ටම මහා මණ්ඩල සැසි­යේදී සම්මත වන යෝජ­නා­වකි. එහෙත් අර්බු­දය තව­මත් ආර­ම්භක අදි­ය­රෙන් ඉදි­රි­යට ගොස් නැත. ඊට ප්‍රධාන වශ­යෙන් හේතු වී ඇත්තේ පල­ස්තී­නයේ ස්වාධී­න­ත්වය සම්බ­න්ධව ආර­ක්ෂක කවු­න්සි­ල­යට ඉදි­රි­පත් වන යෝජනා ඊශ්‍රා­යල හිත­වාදී අමෙ­රි­කාව විසින් නිෂේද බලය භාවිත කිරී­මෙන් ප්‍රති­ක්ෂේප වීමය. එය කෙසේ වුවත් එම යෝජනා සම්මත වන්නේ එක්සත් ජාතීන්ගේ රට­වල් 193ම නියෝ­ජ­නය වන පරිදි බහු­තර ඡන්ද විම­සු­ම­කිනි. මෙහිදී කිසිදු රට­කට නිෂේද බලය භාවිත කළ නොහැකි වුවත්, ඉන් ලැබෙන ප්‍රග­ති­යක් ද පෙනෙ­න්නට නැත.

එහෙත් හමු­දා­මය මැදි­හ­ත්වීම් සිදු කිරී­මට, සම්බා­ධක පැන­වී­මට හෝ රට­ව­ලට බල­පෑම් කිරී­මට එක්සත් ජාතීන්ගේ සංවි­ධා­න­යට නීති­මය බල­යක් නැත. එබැ­වින් මහා මණ්ඩ­ලයේ සම්මත වූ යෝජනා නොස­ලකා හැර කට­යුතු කරන රට­වල් ද අප­ම­ණය. ආර­ක්ෂක කවු­න්සි­ල­යට ඉදි­රි­පත් වන ඊශ්‍රා­ය­ල­යට එරෙහි යෝජනා අමෙ­රි­කාවේ නිෂේද බල­යෙන් ප්‍රති­ක්ෂේප වෙද්දී, ඉරා­න­යට එරෙහි යෝජනා රුසි­යාවේ සහ චීනයේ නිෂේද බල­යෙන් ඉව­තට විසි­වෙයි. එහෙත් එවැනි යෝජනා ආර­ක්ෂක කවු­න්සි­ල­යේදී අක්‍රිය වන විට හදිසි විශේෂ සැසි­යක් කැඳවා ජාත්‍ය­න්තර සාමය උදෙසා සාම සාධක බළ­කා­යක් යෙද­වී­මට හෝ සාමූහික ක්‍රියා­මා­ර්ග­ව­ලට නිර්දේශ කිරී­මට හෝ හැකි­යා­වක් පවතී. එහෙත් ඊට ද අදාළ පාර්ශ්ව­කාර රට­වල එක­ඟ­තාව ලැබිය යුතුය. මෙවැනි තත්ත්ව­යන් මත මහා මණ්ඩ­ල­ව­ලදී ගනු ලබන තීන්දු තීර­ණ­ව­ලට හෝ සම්මත වන යෝජ­නා­ව­ලට වටි­නා­ක­මක් හෝ වැද­ග­ත්ක­මක් ලැබී ඇතැයි නොපෙනේ.

ඒ අනුව 81 වැනි මහා මණ්ඩල සැසියේ සමස්ත ප්‍රග­තිය පිළි­බඳ අනා­වැකි පළ කිරීම අසී­රුය. එය මානු­ෂීය හා රාජ්‍ය­තා­න්ත්‍රික මට්ට­මෙන් යම් සංවා­ද­යක් ගොඩ නැඟී­මට වේදි­කා­වක් බවට පත්වු­වද, භූමියේ පව­තින ගැටුම් විස­ඳීම සහ ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කිරීම අතින් පෙන්නුම් කරනු ඇත්තේ ඉතා සීමිත ප්‍රග­ති­යක් පමණි.

එවැනි තත්ත්ව­යක් තුළ ගෝලීය වශ­යෙන් අති­ශය වැද­ගත් මෙවැනි සංවි­ධා­න­යක විශ්ව­ස­නී­ය­ත්වය තව­දු­ර­ටත් බිඳ වැටීම වැළැ­ක්විය නොහැ­කිය. ගෝලීය ගැටලු හඳුනා ගැනීම සහ රාජ්‍ය­තා­න්ත්‍රික සාකච්ඡා පැවැ­ත්වීම හැරුණු විට දිළිඳු රට­ව­ලට ලෝකය හමුවේ සිය අද­හස් පළ කිරී­මට අව­ස්ථා­වක් ලැබීම අතින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ප්‍රග­ති­යක් අත්කර ගැනීම සැබෑය.

එහෙත් ගෝලීය වශ­යෙන් මුහුණපා සිටින යුද ගැටුම් නතර කිරී­මට හෝ අව­සන් කිරීම හෝ යුද්ධ­යට එරෙහි යෝජනා බලා­ත්මක කිරීම අතින් නම් මහා මණ්ඩල සැසි ප්‍රකා­ශන හා අද­හස් හුව­මාරු කර­ගැ­නී­මට පම­ණක් සීමා­වූ­වක් බව පෙනේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *