ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට
ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි දසනායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් එම කොමිසම මඟින් සිදුකරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළවය.
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ කම්කරු තනතුරු සඳහා අනුමත ප්‍රමාණය ඉක්මවා, බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව ‘අනියම් කම්කරු’ තනතුර සඳහා 2023/2024 වසරවල සේවකයන් බඳවා ගැනීම සිදු කර මේ දක්වා රුපියල් 34,438,650.42ක මුදලක් එකී අනියම් කම්කරුවන්හට වැටුප් ගෙවීමට සැලැස්වීමෙන් එම පුද්ගලයින්ට අයුතු සහගත වාසියක් සිදුකර දුෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනා මත මෙම හිටපු සභාපතිවරයාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

