Latestදේශීය

රජයේ Solar ප්‍රතිපත්තිය නිසා තරුණ පරපුරේ සිහින බොඳ වෙලා

රජයේ වත්මන් සූර්ය බලශක්ති ප්‍රතිපත්ති හේතුවෙන් කුඩා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපාරවල නිරත මේ රටේ උගත් තරුණ ප්‍රජාවගේ සියලු සිහින බොඳ වී ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි. විපක්ෂ නායකවරයා විසින් සූර්ය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසීය.

විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රජය තරුණ සවිබල ගැන්වීම් ගැන කතා කළද, ක්‍රියාත්මක වන වැරදි ප්‍රතිපත්ති නිසා තරුණ ව්‍යවසායකයන් විශාල පිරිවැයක් දරා නිර්මාණය කළ ව්‍යාපෘති මේ වන විට කඩාකප්පල් වී ඇති බවයි. එමඟින් ඔවුන්ගේ සියලු සිහින බොඳ වී ගොස් ඇති බවද, රට තුළ බුද්ධිගලනය වඩාත් බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *