Latestදේශීය

කොළඹ සිට ගම්පොල දක්වා දුම්රිය ගමන් අරඹයි

‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා කොටසේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රඹුක්කන සහ ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුව තිබූ අතර, ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36ක් සහ පස්කඳු කඩාවැටීම් හා මාර්ගය සේදීයාම් 67ක් ඇතුළත් විය.

ඒ අනුව, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා වන සාමාන්‍ය දුම්රිය ධාවනය 2026 ඔක්තෝබර් 02 වන දින සවස් වරුවේ සිට නියමිත කාලසටහනට අනුව නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *