පී බී ජයසුන්දරගෙන් පැය 4ක් ප්‍රශ්ණ කරයි
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයෙකු සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
ඔහුගේ නිවසේදී මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර, ඒ සඳහා පැය 4කට ආසන්න කාලයක් ගතවී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළ කරුණු සම්බන්ධයෙන් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා ඇතුළු කරුණු පිළිබඳව අල්ලස් කොමිසම මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින අතර, මීට අදාළව තවත් පුද්ගලයන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

