Latestදේශීය

උඩරට දුම්රිය යළි ගමන් අරඹයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය අද (02) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

උඩරට දුම්රිය මාර්ගයේ සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්ව කටයුතු කර ඇති අතර, මේ වන විට එම මාර්ගය දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත් කර තිබේ.

‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් රඹුක්කන – ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103ක් හානියට පත්ව තිබූ අතර, ඉන් ස්ථාන 36ක විශාල ප්‍රමාණයේ නායයෑම් සිදුව තිබුණි. මීට අමතරව, දුම්රිය මාර්ගය සේදී යාම සහ පස්කඳු කඩා වැටීම හේතුවෙන් ස්ථාන 67ක් හානියට පත්ව තිබුණි.

රඹුක්කන – කඩුගන්නාව දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග පද්ධතියේ වැඩිම ආනතියක් සහිත මාර්ග කොටස් අතරින් එකක් වීම, එම ප්‍රදේශ වෙත ළඟාවීම සඳහා විකල්ප සැපයුම් මාර්ග නොමැති වීම, අයහපත් කාලගුණික තත්ත්වය මෙන්ම අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා අමුද්‍රව්‍ය දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම යන අභියෝග මධ්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.

එමෙන්ම, පේරාදෙණිය සිට මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව සිට පේරාදෙණිය – ගම්පොළ අතර සාමාන්‍ය දුම්රිය කාලසටහන අද (02) සවස් වරුවේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර, අදාළ දුම්රිය ධාවන කාලසටහන මෙසේය.

නගරාන්තර දුම්රිය

දුම්රිය අංක 1029 – 2026/10/02 සිට දිනපතා
කොළඹ කොටුවෙන් – ප.ව. 03.35
පේරාදෙණියට – ප.ව. 05.56

දුම්රිය අංක 1030 – 2026/10/03 සිට දිනපතා
පේරාදෙණියෙන් – පෙ.ව. 06.25
කොළඹ කොටුවට – පෙ.ව. 08.44

දුම්රිය අංක 1035 – 2026/10/02 සිට දිනපතා
කොළඹ කොටුවෙන් – ප.ව. 04.35
මරදාන – ප.ව. 04.40
අලව්ව – ප.ව. 05.46
පොල්ගහවෙල – ප.ව. 05.56
රඹුක්කන – ප.ව. 06.10
පේරාදෙණිය – ප.ව. 07.17
ගම්පොළ – ප.ව. 07.51

දුම්රිය අංක 1040 – 2026/10/03 සිට දිනපතා
ගම්පොළින් – පෙ.ව. 04.35
පේරාදෙණිය – පෙ.ව. 04.56
රඹුක්කන – පෙ.ව. 06.21
පොල්ගහවෙල – පෙ.ව. 06.34
අලව්ව – පෙ.ව. 06.45
මරදාන – පෙ.ව. 07.59
කොළඹ කොටුව – පෙ.ව. 08.06

දුම්රිය අංක 1037 – 2026/10/02 සිට දිනපතා
කොළඹ කොටුවෙන් – ප.ව. 05.15
මරදාන – ප.ව. 05.20
රඹුක්කන – ප.ව. 06.48
පේරාදෙණිය – ප.ව. 07.53

දුම්රිය අංක 1038 – 2026/10/03 සිට දිනපතා
පේරාදෙණියෙන් – පෙ.ව. 04.40
රඹුක්කන – පෙ.ව. 05.43
මරදාන – පෙ.ව. 07.06
කොළඹ කොටුව – පෙ.ව. 07.12

පොඩි මැණිකේ දුම්රිය (අංක 1005/1006) – 2026/10/03 සිට දිනපතා
කොළඹ කොටුවෙන් – පෙ.ව. 05.55
පේරාදෙණිය – පෙ.ව. 08.34
ගම්පොළ – පෙ.ව. 09.06

ගම්පොළින් – ප.ව. 04.10
පේරාදෙණිය – ප.ව. 04.31
කොළඹ කොටුව – ප.ව. 07.23


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *