Latestදේශීය

පොඩි පැටී වෙඩි තබා ඝාතනය කරයි

අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් ලත්තුවා හංදිගේ සුදත් නුවන් කුමාරද සිල්වා නොහොත් පොඩි පැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (01) රාත්‍රී 8.10ට පමණ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මිලි මීටර් වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවය.

මරණකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු බවද පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *