Latestදේශීය

වසරක් තුළ ළමුන් සහ තරුණයින් 9000ක් අත්අඩංගුවට

2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා දිවයින පුරා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී වයස අවුරුදු 8ත් 21ත් අතර ළමුන් හා තරුණයින් 9,105 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.

ඒ අතර පිරිමි ළමුන් හා තරුණයින් 8,932 දෙනෙකු සහ තරුණියන් 173 දෙනෙකු සිටින බවත්, වයස අවුරුදු 8ත් 14ත් අතර ළමුන් 11 දෙනෙකු ද ඒ අතර සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ කාර්යසාධනය ඇතුළු තොරතුරු දැනුවත් කිරීම සඳහා අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව අනාවරණය කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *