Latestදේශීය

දුමින්දගේ නඩුව නොවැම්බර් 04 කැඳවයි

`හැව්ලොක් සිටි’ නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු ඇමති දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුව ඊයේ (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම් කර තිබෙන හිටපු ඇමති දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාව අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥයා අසනීප තත්වයෙන් පසුවන බැවින්, එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 04 වැනිදා දක්වා යළි කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.

2025 වසරේ මැයි මස 20 වැනිදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපති විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *