අමෙරිකානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
පුද්ගලයින් 6දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ අමෙරිකාවේ වෛද්ය ප්රවාහන ගුවන් යානයේ සුන්බුන් සොයාගත් බව අමෙරිකානු බලධාරීන් පවසයි.
බර්මියුඩාවේ සිට මැසචුසෙට්ස් හි බොස්ටන් දක්වා පියාසර කරමින් තිබූ මෙම ‘ගල්ෆ්ස්ට්රීම් G-100’ (Gulfstream G-100) වර්ගයේ ගුවන් යානය සමඟ පැවැති සබඳතා එරට වේලාවෙන් අද (04) අලුයම 1.00 ට පමණ ගිලිහී ගොස් තිබුණි.
කෙසේවෙතත්, අදාළ ගුවන් යානයේ සුන්බුන් මැසචුසෙට්ස් හි නැන්ටකට් (Nantucket) දූපත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තිබී මේ වන විට සොයාගෙන ඇත.
යානයේ සිටි පුද්ගලයින් හයදෙනා සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක වේ.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ කැනේඩියානු ජාතිකයින් 4 දෙනෙකු සහ බර්මියුඩා ජාතිකයින් දෙදෙනෙකි.
ගුවන් ගමන් දත්තවලට අනුව, සබඳතා ඇනහිටීමට මොහොතකට පෙර යානය අඩි 24,000 සිට අඩි 11,000 දක්වා ශීඝ්රයෙන් පහත බැස ඇති බව සඳහන් වේ.
එමෙන්ම, යානයේ හදිසි විදුලි කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, නියමුවා විසින් හදිසි අවස්ථාවක් ද ප්රකාශයට පත් කර ඇති බව එරට ගුවන් ගමන් පාලන දත්තවලින් අනාවරණය වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය සහ ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

