මානසික ආතතිය නිසයි ආරණ්‍යයට ගිහින් මම භාවනා කළේ – ඥනසාර හිමි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වු ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නියම කළේය.
අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර බසයට රැගෙන යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
“පොඩ්ඩක් ඉන්න මහත්තයෝ. පොඩ්ඩක් ඉන්න. මම යන්නේ හිරේට. මම මේ අධිකරණයට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ රටේ මිනිස්සුගේ අභය වෙනුවෙන්, මිනිස්සූ මරණෙන් ගලවා ගන්නයි මම වැඩ කරේ.
නිශ්ශරණාධ්‍යාශයෙන් අභ්‍යාසයෙන් අවුරුදු 25ක්, මොකද මේ අවුරුදු 25ක් මේ රට වෙනුවෙන් මම දිය වුණේ. කිසි කෙනෙක් නොදන්න විෂයක්. අර මහාධිකරණය දීපු තීන්දුවෙ දී අහන්න. ස්ථාන 100කට ගහන්න මුස්ලිම් අන්තවාදීන් සැලසුම් කරලා තිබුණේ.
මං 2014 ඉදලා මේ අපරාධ ගැන කියන්නේ. මේ මිනිස්සුන්ට මානුෂිකත්වයක් නැද්ද. මම හිරේ දැම්මා කියලා මේ ප්රශ්නය විසදෙනවා ද, බයවෙන්න ඕනද මේක කතා කරන්න. මට මානසික ටෙන්ෂන් එකක් තියෙන හින්දා තමයි මම ආරණ්‍යයට ගිහිල්ලා භාවනා කරේ.
නායක හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි. නැතුව උසාවිය මගහරින්න නෙමෙයි. වේදනාවක් තියෙනවා. මමත් මනුස්සයෙක්. නමුත් ඇත්ත කිව යුතුයි. කියන්න තැනක් නෑ. කවදාවත් හදවතේ කැකෑරෙන ඇත්ත කියන්න ඉඩක් ලැබුණේ නෑ. ඒකට බය වෙන්නෙත් නෑ. කම්පනයකුත් නෑ. මේ තියෙන්නේ දකුණේ ලේ. බයත් නෑ. එක පාරයි මැරෙන්නේ. හැබැයි සත්‍ය වෙනුවෙන්. අපි වැඩ කරන්න ඕන. අපි අනුන්ගෙන් බත් කාලා රට වෙනුවෙන් මේ කැපකිරීම කළේ.”
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

