කඩිගමුවේදී පීලි පැනපු දුම්රිය පීලිගත කිරීම අරඹයි
පීලි පැනීමට ලක්වූ පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රිය මේ වන විට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ පීලි පැනීම හේතුවෙන් මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවය.
දුම්රිය පීලිගත කිරීමට අමතරව එම අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකස් කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇතැයිද පැවසූ ඒ මහතා පෙර දින දෙකෙහිදිම මෙම ප්රදේශය ආශ්රිතව වර්ෂාපතන තත්ත්වයක් ඇතිවිම මෙම අනතුර සිදුව ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව මේ වන විට දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු සිදුවන බැවින් හැකි ඉක්මනින් උඩරට දුම්රිය ගමනාගමන කටයුතු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද දුම්රිය ගමනාගමන අධිකාරීවරයා පැවසීය.
“අපි බලාපොරොත්තු වෙනවා සවස් කාලයේදී කාර්යාල දුම්රිය ධාවනය කරන්න නමුත් ඒක දුම්රිය පීලිගත කිරීමත් එක්ක තමයි තීන්දු කරන්න වෙන්නේ. තාමත් ඒක නිෂ්චිතව කියන්න බෑ පුළුවන්ද බැරිවෙයිද කියලා. මේ වන විට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුකරමින් පවතිනවා. පීලි පැනපු දුම්රිය ධාවනයට සුදුසුයිද කියලා කොළඹ ගෙනල්ලා තමයි තීන්දු කරන්න වෙන්නේ. “
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

