Latestදේශීය

සරණගේ බිරිඳ 20 දක්වා බන්ධනාගාරයට

අල්ලස් දීම සහ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ, අධිකරණයේ සේවකයෙක් සහ රෙජිස්ට්‍රාර්වරයෙක් ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කර තිබේ.

ඒ, අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු ඇමති සරණ ගුණවර්ධනට අදාළව කොළඹ මහාධිකරණ අංක 11 ශාලාවේ පවතින තවත් අල්ලස් නඩුවකට අදාළව සහනදායී දඩුවමක් ලබාගැනීම සඳහා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදීම සහ ලබා ගැනීමත්, ඊට ආධාර අනුබල දීමත් සම්බන්ධයෙන් සැකපිට මොවුන් තිදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙලෙස දඬුවම් ලිහිල් කර ගැනීමට අල්ලස් ලබාදීම සඳහා කටයුතු කර ඇත්තේ සරණ ගුනනවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ කිසිම අවශ්‍යතාවයකින් තොරව, තමන්ගේ බිරිඳගේ මාදිවෙල නිවසක් කූඨ ලෙස වෙනත් නමකට මාරු කර සංවර්ධන ලොතරැයි මණ්ඩලටම බදු දීම තුළින් රුපියල් මිලියන දෙකක මුදලක් වංචා කිරීම සම්බන්ධ නඩුවකට අදාළවය.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැති දූෂණ නඩු හතරකට වරදකරු කරමින්, කොළඹ මහාධිකරණය විසින් ඉකුත් ජූනි මාසයේදී සරණ ගුණවර්ධනට වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් මිලියන 1.8ක දඩයක්ද නියම කරනු ලැබීය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *