Latestවිදේශීය

ජර්මනියේ හිටපු බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට

විදෙස් රටක් වෙනු­වෙන් රාජ්‍ය තොර­තුරු ලබා­දීමේ සිදු­වී­මක් සම්බ­න්ධව සැක පිට ජර්ම­නියේ හිටපු බුද්ධි ප්‍රධා­නියා අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි වාර්තා වේ. වසර 1998 සිට 2005 දක්වා කාල­සී­මා­වේදී ජර්මානු ෆෙඩ­රල් බුද්ධි සේවයේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කර ඇති ඕගස්ට් හැනිං නමැති මේ පුද්ග­ලයා විදේ­ශීය රට­කට ඔත්තු සැප­යීම, රාජ්‍ය රහස් ලිපි ලේඛන ලබා ගැනීම සහ රාජ්‍ය ද්‍රෝහි ක්‍රියා­වක නිර­ත­වීම සම්බ­න්ධව දැඩි සැක­යට ලක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජර්ම­නියේ සිදුවූ විශා­ල­තම බුද්ධි තොර­තුරු අර්බු­ද­යක් බවට පත්වී ඇති මේ සිදු­වී­මේදී විදේ­ශීය ඔත්තු සේව­යක් වෙනු­වෙන් සකස් කළ විශ්ලේ­ෂ­ණ­යක් සඳහා ඔහු මුදල් ගෙවා රජයේ රහස් ලේඛන ලබා­ගෙන ඇතැයි ජර්මානු නීති­පති කාර්යා­ල­යෙන් චෝදනා ගොනු කර තිබේ. කෙසේ වෙතත් හිටපු බුද්ධි ප්‍රධා­නියා රජයේ තොර­තුරු සැපයූ අදාළ විදේ­ශීය බුද්ධි සේවය කව­රේ­දැයි හෝ එම විශ්ලේ­ෂණ වාර්තා අදාළ පාර්ශ්වය අතට පත්වූ­යේ­දැයි යන්න හෙළි කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඔහු සේව­යෙන් විශ්‍රාම යෑමෙන් පසු පෞද්ග­ලික උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙස කට­යුතු කර ඇති බවත්, විදේ­ශීය බුද්ධි සංවි­ධා­න­යක් සඳහා ජර්මානු රජයේ තොර­තුරු ඇතු­ළත් විශ්ලේ­ෂණ වාර්තා සකස් කිරී­මට අති­ශය රහ­සි­ගත ජර්මානු බුද්ධි තොර­තුරු භාවිත කර ඇති බවත් නීති­පති කාර්යා­ලයේ චෝද­නාව වී තිබේ.

වසර ගණ­නා­වක් පුරා හිටපු බුද්ධි ප්‍රධා­නි­යාට එවැනි රහස්‍ය ලේඛන 2,000ක් පමණ මුද­ලට ලබා දුන් බවට ජර්මානු ෆෙඩ­රල් බුද්ධි සේවයේ හිටපු සේව­ක­යකු වන මැන්ෆ්‍රෙඩ් ඩී නමැති පුද්ග­ල­යකු ද අත්අං­ඩ­ගු­වට පත්වී ඇති අතර, ඕගස්ට් හැනිංගේ කාර්යා­ලයේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කර ඇති මේ පුද්ග­ලයා බුද්ධි සේවයේ අභ්‍ය­න්තර කට­යුතු සඳහා පම­ණක්ම භාවිත කළ අති­ශය වැද­ගත් රහස්‍ය තොර­තුරු ඇතු­ළත් ලිපි ලේඛන රැසක් හිටපු බුද්ධි ප්‍රධා­නි­යාට අලෙවි කර ඇතැයි ද වාර්තා වේ. ජර්ම­නියේ හිටපු බුද්ධි ප්‍රධා­නි­යකු අත්අ­ඩං­ගු­වට ගැනීම පෙර නොවූ විරූ සිදු­වී­මක් බවත්, එම­ඟින් මිත්‍ර රට­වල් සමඟ ජර්ම­නිය පව­ත්වා­ගෙන යන බුද්ධි තොර­තුරු සම්බ­න්ධ­තා­ව­ලට හානි සිදු­විය හැකි බවත් එරට ජ්‍යෙෂ්ඨ ආර­ක්ෂක නිල­ධා­රීන් ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *