Latestවිදේශීය

යුද්ධ 08ක් අවසන් කළා, නොබෙල් ත්‍යාගය අයිති මටයි – ට්‍රම්ප් කියයි

ලොව පුරා විවිධ කලාපවල උද්ගත වූ යුද ගැටුම් 8ක් අවසන් කිරීමට සමත්වූ බව ප්‍රකාශ කරමින් මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා සුදුස්සා තමා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. පසුගිය වසරේදී ද නොබෙල් සාම ත්‍යාගය ඉල්ලා සිටි අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී සඳහන් කර ඇත්තේ ලොව කිසිදු පුද්ගලයකු සිදු නොකළ ක්‍රියාවන් තමා සිදුකර ඇති බවය.

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කියන පුද්ගලයා කවුරුන්දැයි අද දිනයේදී නෝර්වේජියානු සාම කමිටුව නිවේදනය කිරීමට නියමිතව ඇති අතර, අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිහිපත් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඔබාමාට වඩා නොබෙල් සාම ත්‍යාගයට තමා සුදුස්සකු බවය.

ලොව කිසිදු ජනාධිපතිවරයකුට වඩා ගෝලීය යුද ගැටුම් අවසන් කිරීමට සමත්වූ බවත්, නෝර්වේජියානු සාම කමිටුව පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීද නොබෙල් සාම ත්‍යාගය තමා වෙත පිරිනමනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ. එවැනි කීර්තියක් අත්කර ගත් රාජ්‍ය නායකයකු ලෙස තමාට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා නොදීමෙන් නෝර්වේජියානු සාම කමිටුව විශාල අපකීර්තියකට පත්වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *