ශිරන්ති අපේ නෙමෙයි – ශ්‍රීලපොපෙ මහලේකම්
සිරිලිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකාවක නොවන බවට එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබේ.
ඊයේ (08) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව ප්‍රකාශ කළ අතර, ශිරන්ති රාජපක්ෂ තම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ බිරිඳ පමණක් වන බව අවධාරණය කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ හා සමානව ම දේශපාලන බලයක් සහිත තැනැත්තියක ලෙසින් ශිරන්ති රාජපක්ෂ කටයුතු කරනු ලැබීය.
මේ අතර, විවිධ අනීතික කටයුතු සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සුගීෂ්වර බණ්ඩාර ඇතුළු බොහෝ දෙනෙකු තම පක්ෂයේ සාමාජිකයින් නොවන බවට සාගර කාරියවසම් විසින් ප්‍රකාශ කර තිබිණි. ඒ සමාන ස්ථානයක් ශිරන්ති රාජපක්ෂ වෙත ද අත්පත් කර දී තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

