Latestදේශීය

වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා – වි.වි. ආචාර්යවරුන්ගේ සංගමය

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, පසුගිය වසර දෙකක කාලය පුරාම මෙම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළද ඒවාට නිසි විසඳුම් ලබා දී නොමැති බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මේ වන විට දරාගත නොහැකි තරම් විශාල අර්බුද රැසකට මුහුණ දී ඇති බවත්, ඉහළ සුදුසුකම් සහිත ආචාර්යවරුන් විශ්වවිද්‍යාල හැරදා යාම සහ නව බඳවාගැනීම් සිදු නොවීම හේතුවෙන් රාජ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය දැඩි ලෙස බිඳ වැටෙමින් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පවතින ගැටළු විසඳා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වුවද, ඒවායින් කිසිදු විසඳුමක් ලැබී නැත.

ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන, යටිතල පහසුකම් සහ සිසුන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාට සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාට මීට සති දෙකකට පමණ ඉහතදී ලිපි යොමු කළද, මේ වන තෙක් ඒවාට කිසිදු ප්‍රතිචාරයක් හෝ විසඳුමක් ලැබී නොමැති බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා මෙසේද පැවසීය:

“විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය විදිහට රජයේ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින අර්බුද සම්බන්ධයෙන් විශේෂයෙන්ම පහුගිය වසර දෙක තිස්සේ සාකච්ඡා කරලා, ඒවට විසඳුම් නැති තැන තමයි අපි වර්ජන ක්‍රියාමාර්ගවලට ගියේ. අපි දන්නවා මේ වෙනකොට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දරාගන්න බැරි තරම් ඉතා විශාල අර්බුද ගණනාවකට මුහුණ දීලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශ්වවිද්‍යාල හැර යමින් තියෙනවා; බඳවා ගැනීම් සඳහා කවුරුත් එන්නේ නැහැ, ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඉහළ සුදුසුකම් තියෙන අය රට හැර යාමත් සමඟ රාජ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය බිඳ වැටෙනවා.

ඒ වගේම, මේ සම්බන්ධයෙන් අපි පහුගියදා අග්‍රමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වලා මේවට විසඳුම් ඉල්ලුවා. නමුත් ඒ සාකච්ඡාවලින් කිසිදු විසඳුමක් ලැබුණේ නැහැ. ඊට පස්සේ අපි තවත් වතාවක් ජනාධිපතිවරයාට සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාට ලිපි යොමු කළා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මොకද, විශ්වවිද්‍යාලවලට ලැබෙන ප්‍රතිපාදන, යටිතල පහසුකම් සහ ශිෂ්‍යයින් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මේ පද්ධතියේ විශාල අර්බුද ගණනාවක් තියෙනවා. නමුත්, මේ ලිපි යොමු කරලා දැන් සති දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තිබුණත්, ඒ සාකච්ඡාවත් මේ වෙනකොටත් අපට ලැබී නැහැ.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *