හරිනි, වසන්ත, වැඩබලන අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ(10) වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තාය.
උතුරු මැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමිය මෙලෙස උන්වහන්සේ බැහැදැක තිබේ.
එහිදී රජය ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙළට ආශීර්වාද කළ වැඩබලන අටමස්ථානාධිපති හිමියෝ, අධ්‍යාපන, රාජ්‍ය හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් කෙටි අනුශාසනාවක් ද පැවැත්වූහ.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ද එක්ව සිටියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

