චාමර සම්පත් අද අල්ලස් කොමිසමට
රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අද (12) පෙනී සිටීමට නියමිතය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට මන්ත්‍රීවරයාට පසුගිය 09 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබුණි. එදින අල්ලස් කොමිසම හමුවේ ඔහු පෙනී නොසිටි අතර ඒ වෙනුවට අද (12) දින ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව දැනුම්දී ඇති බව සඳහන්ය.
චාමර සම්පත් දසනායක මහතා 2022 වසරේ සැප්තැම්බර් 08 සිට 2024 වසරේ සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට එවකට ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා විසින් රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේයැයි කියන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා මෙම කැඳවීම අල්ලස් කොමිසම විසින් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැති අය ද අල්ලස් කොමිෂන් සභාව විසින් පසුගිය සැප්තැම්බර් 22 වැනි දා හෝ ඊට ආසන්න දිනකදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන්ය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

