ආදායම් බදු වාර්තා නොවැ. 30ට පෙර ලබා දෙන්න
ආදායම් බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් 2025, 2026 තක්සේරු වර්ෂය සඳහා නොවැම්බර් 30 වන දිනට පෙර ආදායම් බදු වාර්තා ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නියමිත කාලයට පෙර ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම තුළින් ඇති වන අපහසුතා මගහරවා ගත හැකි බවයි.
2025,2026 තක්සේරූ වර්ෂය සඳහා සිය ආදායම් බදු වාර්තා මාර්ගගත ක්රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.
ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීමක් අවශ්ය වන්නේ නම් 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන WWW.IRD.GOV.LK මගින් ද ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතින බව සඳහන් වෙයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

