ආරුගම්බේ ලොව ඉදිරියටම
ශ්රී ලංකාවේ සංචාරක ආකර්ෂණය ජාත්යන්තරයට රැගෙන යමින් ආසියාවේ ආකර්ෂණීයම සහ හොඳම වෙරළ තීරය බවට ආරුගම්බේ වෙරළ තීරය පත්ව තිබේ. 2026 වර්ෂය සඳහා ‘කොන්ඩේනාස්ට් ට්රැවලර් රීඩර්ස්’ (Condé Nast Traveller Readers) වෙබ් අඩවිය විසින් ප්රකාශයට පත්කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආරුගම්බේ වෙරළ තීරය පෙරමුණ ගෙන ඇති අතර ඊට අමතරව ශ්රී ලංකාවේ වෙරළ තීර තුනක් හොඳම වෙරළ තීර 20 අතරට පැමිණ ඇත.
සර්ෆින් ක්රීඩාව සඳහා ලොව ප්රසිද්ධම ගමනාන්තයක් වීම, ආරුගම්බේ වෙරළ තීරය ආකර්ෂණීයම වෙරළ තීරය ලෙස ප්රකාශයට පත් කිරීමට ප්රධාන හේතුව වී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.
Condé Nast Traveller Readers’ Choice Awardsහි 2026 වසර සඳහා වූ ආසියාවේ හොඳම මුහුදු වෙරළ 20 අතරට ශ්රී ලංකාවේ මුහුදු වෙරළ තීර හතරක් ඇතුළත් වී තිබීම විශේෂත්වයක් වන අතර එහිදී ආරුගම්බේ වෙරළ තීරය සමස්ත ලැයිස්තුවේ පළමු ස්ථානය සඳහා තේරී පත්ව තිබෙන්නේ ප්රසාද ලකුණු 98.84ක් ලබා ගනිමිනි.
මීට අමතරව, ප්රසාද ලකුණු 88.33ක් ලබාගත් බෙන්තොට වෙරළ තීරය 9 වැනි ස්ථානය හිමි කරගෙන ඇති අතර, ප්රසාද ලකුණු 83.33ක් ලබා ගනිමින් තංගල්ල වෙරළ තීරය 14 වැනි ස්ථානයටත්, ප්රසාද ලකුණු 78.92ක් ලබා ගනිමින් මීගමුව වෙරළ තීරය 19 වැනි ස්ථානයටත් තේරී පත්වී ඇත. මෙම ශ්රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය ප්රසාද ලකුණු 94.44ක් ලබා ගනිමින් තායිලන්තයේ ‘රේලේ වෙරළ’ (Railay Beach) හිමි කරගෙන ඇති අතර, ප්රසාද ලකුණු 93.33ක් ලබා ගනිමින් මැලේසියාවේ පැංකෝර් දූපතේ පිහිටි ‘කොරල් වෙරළ’ (Coral Beach) තෙවැනි ස්ථානය දිනාගෙන ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

