Latestදේශීය

කන්දේ විහාරයේ ඇතෙක් පහර දී තරුණයෙක් මියයයි

අලුත්ගම කන්දේ විහාරයේ සිටි ඇතෙකු සිදුකළ පහරදීමකින් සංචාරක මඟපෙන්වන්නෙකු ඊයේ(26) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

විදෙස් සංචාරකයින් පිරිසක් සමග වෑන් රථයකින් අලුත්ගම කන්දේ විහාරය ගිය අදාළ මගපෙන්වන්නා, විහාරස්ථානයේ සිටි ඇතාට පලතුරු වට්ටියක් ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීමට ලක්ව ඇත.

පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව සඳහන්.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *