අමෙරිකාවේ විධායකය පාලනය කිරීමට කොංග්‍රසය සැරසේ
පාලනයෙන් මිදී ඇති විධායක බලය ඉදිරියේදී පාලනය කිරීමට කොංග්රස් මණ්ඩලය කටයුතු කරන බව ඩිමොක්රටික් මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ. ලබන සතියේ වොෂින්ටනයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය හුවමාරු කරගැනීමේ අවස්ථාවෙන් පසු ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව සෙනෙට් සභාව මඟින් පියවර රැසක් ගැනීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මධ්‍ය වාර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බහුතර බලය අත්කරගත් ඩිමොක්රටික් පක්ෂයේ නායක 56 හැවිරිදි හකීම් ජෙෆ්රීස් මීළඟ කථානායකවරයා ලෙස පත්වනු ඇතැයිද, කොංග්‍රසයේ කථානායක ලෙස කළු ජාතිකයකු පත්වන පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ට්‍රම්ප් කල්ලිවාදය මඟින් සිදුවන විශාල දූෂණය පිළිබඳ සඳහන් කරමින් ඩිමොක්රටික් පක්ෂ නායකයා සඳහන් කර ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයේ වංචනිකයන්ට සහ දූෂිතයන්ට සිය ක්‍රියාකලාපයට වගවීමට සැලැස්වීමට කටයුතු කරන බවය.
ඉරාන යුද්ධය සම්බන්ධව ආරම්භයේ සිටම ඩිමොක්රටික් පක්ෂයේ දැඩි විරෝධතාවක් පැවති අතර, ඉදිරියේදී ඊට සහය දුන් සියලු පාර්ශ්ව ඊට වගකිව යුතු බවට ද අදහස් පළවී තිබේ. මෙවර මධ්‍ය වාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ පරාජයට හේතුව ඉරාන යුද්ධය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම උප ජනාධිපති ජේඩී වැන්ස් ද පිළිගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

