චාමර සම්පත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (20) නියෝග කර තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ අතර, චාමර සම්පත් දසනායකගේ පුද්ගලික ලේකම්වරයා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 27 වැනිදා ප්රකාශයට පත් කරන බව ද මහේස්ත්රාත්වරයා සඳහන් කර තිබේ.
එමෙන්ම, අදාළ නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කර සිටින දිනේෂ් පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් ද නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.
ඒ අනුව, අදාළ නඩුව ලබන 27 වැනිදා යළි කැඳවීමට නියමිතය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

