ක්‍රීඩාදේශීය

මහේල ජයවර්ධන හෙට (03) විශේෂ විමර්ශන ඒකකයට.

2011 ලෝක කුසලාන අවසාන මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව මහේල ජයවර්ධන මහතාව හෙට (03) උදෑසන 9ට විශේෂ විමර්ශන ඒකකයට කැදවීමට නියමිතයි.

අද(02) කුමාර් සංගක්කාර මහතාගෙන් පැය 8 ට අධික කාලයක් ප්‍රකාශ සටහන්කර ගැනිමට ක‍්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ක්‍රියාකල අතර මීට පෙර අවස්ථා දෙකකදි අරවින්ද ද සිල්වා හා උපුල් තරංග යන මහත්වරුන්ද මෙම ඒකකයට කැදවා ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරනු ලැබුවා.

මේ අතර ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දී අද(02) ක්‍රිකට් විරුවන් රැකගැනීම මැයෙන් විරෝධතාවක් පැවති අතර එය සමගි තරුණ බලවේගය සංවිධානය කර තිබුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?