Latestදේශීය

රාජාංගනයේ ග්‍රාම නිලධාරි වසම් 4ක සංචරණය සීමා කෙරේ

රාජාංගනය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමෙන් පසුව එම ප්‍රදේශයේ ට්‍රැක් 1,,3,5 යන ප්‍රදේශවල සංචරණය සම්පූර්ණයෙන් ම නවතා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (13) සවස මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. කන්දකාඩු අසාදිත පොකුර හඳුනාගැනීම,ස්පර්ශකයින් හමුදා ගැනීම මෙන් ම නිරෝධායනයට ලක් කිරීම මේ වන විට සාර්ථකව සිදු කර ඇතැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. මේ වන විට කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 519 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (13) දිනයේ දී අලුතින් හඳුනාගැණුනු නව ආසාදිතයින් 29 දෙනා ද සමග මෙරටින් වාර්තා වන නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2646ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?