විභාගයට සහභාගීවන සිසුන් සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක්
කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු යොදා ඇත.
ඒ අනුව https://info.moe.gov.lk දිගුව ඔස්සේ පිවිසීමෙන් විභාගය සඳහා සහභාගීවන සිසුන්ගේ තොරතුරු එහි දක්වා ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කිරීම සිදුකළ යුතුය.
මේ සම්බන්ධයෙන් නිරෝධායන ඇඳිරිනීතිය පවත්නා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල සිසුන් සහ ගම්පහ දිස්ත්‍රික්කයට වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන සිසුන් ප්‍රමුඛතාව දක්වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන අතර අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම විභාගයට පෙනීසිටීමට බාධාවක් නොවන බව ද සියලු සිසුන් හා දෙමව්පියන් වෙත අවධාරණය කරයි.
එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා දුම්රිය පහසුකම් සැපයීම පිළිබඳව ද නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව 2020.10.11වන දින සිට 2020.11.06වන දින දක්වා විභාගයන් පැවැත්වෙන කාල සීමාව තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිසුන් සඳහා මැදිරි වෙන් කර දුම්රියන් ධාවනය කරවීමට සූදානම් කර ඇති අතර එම දුම්රියන්ට අදාළ ලේඛනය පහතින් දැක් වේ.


