දේශීය

පානදුර වෙරළට ගොඩ ගැසූ තල්මසුන්

ඊයේ (02) පස්වරු 2.00ට පමණ පානදුර වෙරළ තීරයට තල්මසුන් රංචුවක් ගොඩගසා ඇත.

60 – 70ත් අතර තල්මසුන් ‌පිරිසක් මෙසේ වෙරළට ගොඩගසා ඇති අතර මෙම තල්මසුන් රංචුව නැවත මුහුදට හරවා යැවීමට ප්‍රදේශවාසීන්, නාවික හමුදාව, පොලීසිය, වන ජීවි නිළධාරීන් හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධරීන් අද ( 03 ) අලුයම වනතුරු දැඩි පරිශ්‍රමයක් දැරූහ.

මෙලෙස ගොඩගසා ඇත්තේ ඩෙල්ෆිනිඩේ පවුලේ ග්ලොබිසිෆෙලා කුලයට අයත් කෙටි වරල් නියමු තල්මසුන් (Short -Finned Pilot Whales ) යනුවෙන් ව්‍යවහාරයවන සත්ව විද්‍යාත්මකව macrorhynchus යන්වෙන් හඳුන්වන තල්මසුන් විශේෂයයි.ඉන්දියන් සාගරය තම වාස භූමිය කර ගත් මෙම තල්මසුන් අඩි 12-20 දිගින් වැඩෙන අතර ගැඔුරු මුහුදේ රංචු වශයෙන් ජිවත් වේ.

සමුද්‍රිය පරිසර ආරක්ෂක නිළධාරීන් සඳහන් කරන්නේ මෙසේ ගොඩබිමට පැමිණීමට හේතු ලෙස මෙම සතුන් ඔවුන්ගේ සංචරණය සඳහා ශබ්ද තරංග භාවිතා කරන අතර මුහුදේ ක්‍රියාත්මක කරනු ලබන අධිබල තරංග නිකුත් කරනු ලබන සෝහාර් යන්ත්‍ර ක්‍රියාකාරීත්වයේදී තම ගමන් මාර්ගය වෙනස් කර ගන්නා බවයි.

විශාල ශ්‍රමයක් දරා රංචුව නැවත මුහුදට හරවා යැවීමට කටයුතු කළද පානදුර නල්ලූරුව හා වාද්දුව වෙරළ තීරයට තල්මසුන් තිදෙනෙක් ගොඩ ගසා ඇත.

පසුගිය මස ඕස්ට්‍රෙිලියාවේ තස්මේනියා වෙරළ තීරයෙන් ද මෙවැනි සිදුවීමක් වාර්තා වී ඇති අතර ඉන් තල්මසුන් 400කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?