Latestක්‍රීඩා

LPL සඳහා දින නියම වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලිය නොවැම්බර් මස 27 ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය දෙසැම්බර් 17 දක්වා දින 21ක් පුරා පැවැත්වීමට සැලසුම් කර කර ඇත.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියත් සමග තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් අතර සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ අනුව  සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කරන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව තරගාවලිය පැවැත්වීමට රජය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් LPL තරගාවලියේ අධ්‍යක්ෂ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසන්නේ , තරගාවලිය පැවැත්වීමට රජයේ අනුග්‍රාහය ලැබීම නිසා තරගාවලියේ ඉදිරිය පිළිබද ලොකු විශ්වාසයක් ඇති බවයි. තවද තරගාවලිය හම්බන්තොට පමණක් පැවැත්වීම නිසා තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන ආරක්ෂිත ජෛව බුබුළ (Bio-Secure Bubble) පවත්වාගෙන යෑමත් පහසු කරවන්නක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකරනු ලබන අයි. පී. ජී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතාද පවසන්නේ , අසීරු කාල වකවානුවක වුණත් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත යුතු හොඳම තීරණයට එළැඹීම ගැන තමන් ස්තූතිවන්ත වන බවයි.  මෙම ක්‍රියාවලිය  පහසු කටයුත්තක් නොවන නමුත් මේ ගත්ත හොඳ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් යහපැවැත්මට උපකාරී වෙනවා වගේම ශ්‍රී ලාංකිකයින්ගේ මතකයේ රැඳේවි කියලා තමන්  විශ්වාස කරන බව  ඔහු වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?